
අනුරාධපුර – එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධිය මෛත්‍රී ප්‍රතික්ෂේප කරයි
තමා විසින් එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වංචාවක් හෝ දූෂණයක් කර ඇති බවට එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ උප සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා පැහැදිළි කිරීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔහු පවසන්නේ එම පැමිණිල්ලේ සඳහන් කරුණු අසත්‍ය සහ ඉතාමත් සාවද්‍ය කරුණු බවයි.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමා සතුටින් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.
මෛත්‍රීපල සිරිසේන මහතා පවසන්නේ මෙවැනි ප්‍රචාර යවා, අසත්‍ය චෝදනා කරමින් කිසිදු වංචාවකට හෝ දුෂණයකට සම්බන්ධ නොමැති තමන් සම්බන්ධයෙන් කරන චරිත ඝාතන තරයේ හෙලා දකි බවයි.