අනුරාධපුරයේ ප්‍රමිතියෙන් තොර පොහොර අලෙවි කරන බවට චෝදනා

අනුරාධපුරයේ ප්‍රමිතියෙන් තොර පොහොර අලෙවි කරන බවට චෝදනා

අනුරාධපුර ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක ප්‍රමිතියෙන් හා විනිවිදභාවයකින් තොර පොහොර අලෙවි කරන බවට ගොවීන් චෝදනා කරනවා.

මීට පෙර පොළොන්නරුව ප්‍රදේශයේ සිදුකෙරුණු බාල පොහොර ජාවාරමක් පිළිබඳව ලයිව් ඇට් ශ්‍රී ලංකා අනාවරණයෙන් පසු බලධාරීන් ඊට නීතිමය පියවර ගැනීමට කටයුතු කළා.

අනුරාධපුර – එප්පාවල ප්‍රදේශයෙන්ද ප්‍රමිතියෙන් සහ විනිවිදභාවයකින් තොර අලෙවිය සඳහා ලැබුණු යූරිය පොහොර සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණේ මෙවන් පසුබිමක් තුළයි.

මෙම පොහොර මිටිවල නිෂ්පාදිත දිනය හෝ අඩංගු ද්‍රව්‍ය පිළිබඳව කිසිදු සටහනක් නොමැති බවට ගොවීන් සහ අලෙවිකරුවන් චෝදනා කරනවා.

වෙළඳසැල් හිමියන් චෝදනා කරන්නේ වෙළඳපොළ තුළ අනවශ්‍ය පොහොර හිඟයක් මවා පෑමට පිරිසක් කටයුතු කරමින් සිටින බවටයි.

මෙවන් පසුබිමක් තුළ අනුරාධපුරය ආශ්‍රිත ප්‍රදේශයේ කුඹුරු වගා කළ ගොවීන් මැසිවිලි නඟන්නේ නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් තම ගොයමෙන් අස්වැන්න ලබාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි.

එමෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ ගොවීන්ට ද යල කන්නය සඳහා වගා කළ කුඹුරු සඳහා නිසි කලට පොහොර නොලැබීමෙන් දැඩි ලෙස පිඩාවට පත්ව සිටිනවා.

ගොවීන් චෝදනා කරන්නේ පොහොර ඌනතාවය හේතුවෙන් කුඹුරුවලට දිලීර රෝගයක් හටගෙන ඇති බවයි.

 

Share This