අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙක් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු ඊයේ (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවේ 31 හැවිරිදි ඔහු වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ 29 වැනි දින හිරණ ප්‍රදේශයේ යතුරු පැදියකින් පැමිණ T56 ගිනි අවියකින් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇත්තේ මෙම සැක්කරු බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා.

එම කොට්ටාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ වසරේ ජූනි මස 05 වැනි දින මට්ටක්කුලියේ දී T56 ගිනි අවියකින් සහ 9mm ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ T56 ගිනි අවියේ ක්‍රියාකරු මෙම සැකකරු බවයි.

ජූනි මස 29 පානදුර පොලි වසමේදී යතුරු පැදි කොටස් අලෙවිසැලකට යතුරු පැදියකින් පැමිණ T56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම මෙම සැකකරුට ඇති තවත් චෝදනාවක්.

2024 වසරේ අප්‍රේල් 15 වැනි දින කොටවිල ප්‍රදේශයේ යතුරු පැදියක් සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවකු ද වන මෙම පුද්ගලයා එම වසරේම අප්‍රේල් 22 මාලිම්බඩ වෙළෙදසැලකට පැමිණ රු. 80,000 ක් වටිනා රන් මාලයක් කොල්ල කෑමේ සිද්ධියේ ද සැකකරුවකු වන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළා.

මෙවැනි තවත් අපරාධ රැසකට මෙම පුද්ගලයා අවශ්‍යව සිටි අයකු බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සදහන් කළා.

Share This