අප්‍රේල් මාසයේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

අප්‍රේල් මාසයේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

අප්‍රේල් මාසය සඳහා වන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය එම මස 3 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Share This