අපේ පරම්පරාවේ පළමු සාන්තුවරයා Carlo Acutis (VIDEO)

අපේ පරම්පරාවේ පළමු සාන්තුවරයා Carlo Acutis (VIDEO)

“God’s influencer” ලෙසින් හඳුන්වනු ලබන Carlo Acutis මේ පරම්පරාවේ පළමු සාන්තුවරයා බවට නම් කිරීමට ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් එකඟ වී තිබෙනවා.

ශුද්ධෝතම පියාණන් Carlo සාන්තුවරයෙක් ලෙස නම් කළහොත් ඔහු 1980 ගණන්වල මුල් භාගයේ සිට 1990 ගණන්වල අග භාගයේ උපත ලැබූ අය අතරින් පළමුවරට ශුද්ධවරයට ඔසවන පුද්ගලයා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2006දී 15 හැවිරිදි කාර්ලෝ ලියුකේමියා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉතාලියේ Monza හිදී මියගියා.

කාර්ලෝ ශුද්ධවරයට එසවීමට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇත්තේ කාර්ලෝ අකුටිස් නමින් දෙවන ප්‍රාතිහාර්යයක් සිදුවීමෙන් අනතුරුවයි.

හිස තුවාලවීමෙන් පසු මොළයේ රුධිර වහනයක් ඇති වූ ෆ්ලෝරන්ස් හි විශ්ව විද්‍යාල සිසුවා සුව කිරීම කාර්ලෝ මගින් සිදුවූ දෙවන ප්‍රාතිහාර්යය ලෙස පාප් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

කාර්ලෝ මගින් සිදුවූ පළමු ප්‍රාතිහාර්යය වන්නේ අග්න්‍යාශයට බලපාන සංජානනීය රෝගයකින් පීඩා විඳි බ්‍රසීලියානු දරුවෙකු සුව කිරීමයි.

ඒ අනුව ඔහුගේ පළමු ප්‍රාතිහාර්යය සිදුවීමෙන් පසු 2020දී කාලෝ ඇකුටිස් භාග්‍යවරයට එසවීම සිදුකළා.

භාග්‍යවරයට එසවීම ලෙස හඳුන්වන්නේ සාන්තුවරයට නොහොත් ශුද්ධවරයට එසවීමේ පළමු පියවරයි.

වතිකානුවේ සාන්තුවරුන් නම් කිරීමේ මණ්ඩලය සමග පැවති රැස්වීමකින් අනතුරුව පාප් වහන්සේ විසින් කාර්ලෝ අකුටිස් නමින් සිදුවූ දෙවන ප්‍රාතිහාර්යය අනුමත කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් කාර්ලෝ ශාන්තුවරයට පත් කරන්නේ කවදාද යන්න තවමත් නිල වශයෙන් දැනුම්දී නැහැ.

කාර්ලෝ අකුටිස්ගේ මරණයෙන් වසරකට පසු ඔහුගේ දේහය අසීසි වෙත ගෙන ගිය අතර ඔහු හා සම්බන්ධ අනෙකුත් ධාතූන් සමග දේහය ප්‍රදර්ශනයට තබා ඇති බව සඳහන්.

Share This