අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්

අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්

කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන අධිකාරීවල නියාමන කටයුතු අවම කර කර්මාන්තකරුවන්ට වඩා වැඩි පහසුකම් සැලසීම රජයේ අපේක්ෂාව බව කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා .

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අබලි ලෝහ කර්මාන්තකරුවන් වෙනුවෙන් නිර්මාණය කළ වෙබ් අඩවිය දියත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා,“ වර්තමානයේ අප රට පවතින තත්වය දෙස බැලීමේදී කර්මාන්ත අංශය ඉහළට ඔසවා තැබීමේ සාමුහික වගකීමක් තිබෙනවා. අනිකුත් ක්ෂේත්‍ර සමඟ සංසන්දනය කරන විට කර්මාන්ත අංශයෙන් ලැබෙන අපනයන ආදායම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි. ඉතාමත් ඉක්මනින්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදුකර ඉදිරියට ගෙන ආ යුතුයි. ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් මේ වන විට හදුනාගෙන සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රමාණවත් වෘත්තියමය අධ්‍යාපනයක්, දැනුමක් අපේ තරුණ ප්‍රජාවට ලබා දෙන්නේ නැහැ. මෙය නව ව්‍යවසායකයන් බිහි වීමට ප්‍රධාන බාධාවක් වෙලා තියෙනවා. අපගේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළින් ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යාපනයක් නව පරපුරට ලබා දිය යුතු වෙනවා. ඒ තුළින් විශාල වෙනසක් කර්මාන්ත අංශය තුළ සිදුකළ හැකියි ” යැයිද පවසා සිටියා

Share This