අමෙරිකානු ගුවන් තාක්ෂණය රුසියාවට යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට

අමෙරිකානු ගුවන් තාක්ෂණය රුසියාවට යැවූ දෙදෙනෙකු අත්අඩංගුවට

අමෙරිකානු එක්සත් ජනපදයේ ගුවන් තාක්ෂණය රුසියාවට යැවූ බවට චෝදනා ලබමින් අමෙරිකානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

59 හැවිරිදි ග්‍රෙගරි සහ 55 හැවිරිදි ඩග්ලස් රොබර්ට්සන් යන දෙදෙනා බලපත්‍ර නොමැතිව පාලන භාණ්ඩ අපනයනය කිරීම, ඉලෙක්ට්‍රොනික අපනයන තොරතුරු ව්‍යාජ ලෙස සකස් කිරීම, අපනයන තොරතුරු ගොනු කිරීමට අපොහොසත් වීම සහ භාණ්ඩ ජාවාරම් කිරීමට චෝදනා ලබා තිබෙනවා.

ෆෙඩරල්, විමර්ශකයින් සහ විශ්ලේෂකයින්ගෙන් සැදුම්ලත් අධිකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධක බලකාය වන KleptoCapture විසින් මුදල් විශුද්ධිකරණයට සහ සම්බාධක මගහැරීමට එරෙහිව ගෝලීය ව්‍යාපාරයක් දියත් කිරීමට පසුගිය වසර පුරා කටයුතු කර තිබෙනවා.

එහිදී රුසියවට සහය පළකරමින් මුදල් විශුද්ධිකරණයට සහ සම්බාධක මගහැරීමට සම්බන්ධ වන පුද්ගලයන් ගැන විමර්ශනය කර තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ මෑත කාලින මෙහෙයුම්වල ප්‍රතිපලයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම කාර්ය සාධක බලකායේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රෙම්ලිනයේ සහ රුසියානු හමුදාවේ ආධාරකරුවන්ට එරෙහිව අධිචෝදනා 30කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

Share This