
අම්බලන්තොට දී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
අම්බලන්තොට පොලිස් වසමට අයත් බෝලාන ප්‍රදේශයේදී අම්බලන්තට පොලිස් නිලධාරීන් ජංගම මුර සංචාරයක යෙදී සිටින අතර තුර මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පිලිබඳ සැක සිතී එම පුද්ගලයා පරීක්ෂා කර තිබෙනවා.
එම පරීක්ෂා කිරීමේදී ඔහු ගමන් මල්ලක සඟවා ගෙනයමින් තිබූ ගිනි අවියක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වුණා.
එමෙන්ම ඔහුගෙන් ලද තොරතුරු මත තවත් පුද්ගලයින් හතර දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල ගිනි අවිය කුමක් සදහා ගෙනාවේද, කුමන ස්ථානයකට රැගෙන යන්නේද කියා මෙතෙක් තොරතුරු අනාවරණවී නැහැ.
සැක කරුවන් පිළිබද අම්බලන්තොට පොලිසිය සහ තංගල්ල කොට්ඨාශ විශේෂ කාර්යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්ථා වෙනවා.