අමෙරිකානු ඉතිහාසය වෙනස් කළ  හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු ඉතිහාසය වෙනස් කළ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (04) දිනයේදී එරට අධිකරණය හමුවේ පෙනී සිටියා.

2016 වසරේ පැවති මැතිවරණයට පෙර නිල් චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධව ට්‍රම්ප්ට එරෙහිව චෝදනා එන්න වුණා.

76වන වියේ පසුවන ට්‍රම්ප් අමෙරිකානු ඉතිහාසයේ අපරාධ නඩුවකට මුහුණ දුන් ප්‍රථම ජනාධිපතිවරයා වනවා.

මෙම සිද්ධිය ඊයේ දිනයේදී ජාත්‍යන්තර වැඩිම අවධානය දිනාගත් පුවත බවටද පත් වුණා.

එම හේතුවෙන් නඩු විභාගය පැවති මැන්හැටන් අධිකරණය අවට ප්‍රදේශයේ ආරක්ෂාවද තර කර තිබුණා.

අධිකරණය තුළ නඩු විභාගය පැවැත්වෙන කාලය ඇතුලතදී වාර්තාකරුවන්ට රූපගත කිරීම් සඳහා අවසර නොලැබුණු අතර ඡායාරූප ගැනීම සඳහා පමණක් අවසර හිමිවුනා.

Share This