අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාවේ සංචාරයක

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් දකුණු ආසියාවේ සංචාරයක

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ඊයේ (10) සිට ලබන 15 දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙම සංචාරය සෑම රටක් සමගම ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති අතර නිදහස්, විවෘත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා එක්සත් ජනපදයේ සහයෝගය පෙන්නුම් කරන බව සඳහන්.

චෙන්නයිහිදී සහකාර ලේකම් ලූ දකුණු ඉන්දියාවේ ද්විපාර්ශ්වික කටයුතු ශක්තිමත් කිරීම සඳහා කොන්සල් නිලධාරීන් හමුවීමට නියමිතව තිබෙනවා.

ඉන්පසු ඔහු ඉන්දීය සංචාරයෙන් අනතුරුව දේශපාලන නිලධාරීන් සමග සම්බන්ධ වීමට සහ ශ්‍රී ලංකාව සමග එක්සත් ජනපදයේ හවුල්කාරිත්වය ගැඹුරු කිරීමට කොළඹට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ රැස්වීම්වලදී, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා එක්සත් ජනපදයේ සහයෝගය මෙන්ම නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුල්ගලක් ලෙස ශක්තිමත් සිවිල් සමාජයක වැදගත්කම පිළිබඳව සාකච්ඡා කරන බව සඳහන්.

පසුව සහකාර ලේකම් ලූ බංග්ලාදේශයේ සංචාරයේදී දේශගුණික අර්බුදය විසඳීම සහ ආර්ථික සබඳතා ගැඹුරු කිරීම ඇතුළුව එක්සත් ජනපද-බංග්ලාදේශ සහයෝගීතාව සාකච්ඡා කිරීමට රජයේ නිලධාරීන්, සිවිල් සමාජ නායකයින් සහ අනෙකුත් බංග්ලාදේශ නිලධාරීන් හමුවීමට නියමිත බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Share This