අමෙරිකානු සොල්දාදුවෙකුට රුසියාවේදී සිර දඬුවම්

අමෙරිකානු සොල්දාදුවෙකුට රුසියාවේදී සිර දඬුවම්

තම පෙම්වතියට මරණ තර්ජන එල්ල කිරීමේ හා සොරකම් කිරීමේ චෝදනා මත රුසියානු අධිකරණයක් විසින් අමෙරිකානු සෙබළෙකුට වසර තුනක් මාස නවයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

මාණ්ඩලික සාජන්ට් ගෝර්ඩන් බ්ලැක්ට රුසියාවේ ව්ලැඩිවොස්ටොක්හි උසාවියක් විසින් දඬුවම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මැයි මාසයේදී අත්අඩංගුවට ගත් සාජන්ට් බ්ලැක්, මිනීමැරුම් තර්ජන චෝදනාවලට වරද පිළිගෙන තිබූ නමුත් ඇයගෙන් රූබල් 10,000ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව පිළිගෙන නැහැ.

කෙසේ වෙතත් රුසියානු අධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි ගෝර්ඩන් බ්ලැක් පවසා ඇත්තේ.

34 හැවිරිදි සාජන් බ්ලැක්ට දකුණු කොරියාවේදීයි ඔහුගේ පෙම්වතිය මුණගැසී ඇත්තේ.

ඔහු 2008 දී පාබල හමුදා භටයෙකු ලෙස බැඳී ඇති අතර 2009 දී ඉරාකයට සහ 2013 දී ඇෆ්ගනිස්ථානයට යොදවා තිබෙනවා.

ඔහුව මෑතකදී අටවන හමුදාවට අනුයුක්ත කරන ඇති අතර ඒ අමෙරිකා හමුදාවේ කොරියාවේ Humphreys කඳවුරට බව සඳහන්.

අමෙරිකානු හමුදාව පවසන්නේ සාජන්ට් බ්ලැක්ට නිල අවසරය ඉල්ලා නොතිබූ බවත් ඔහු දකුණු කොරියාවේ සිට ආපසු එන අතරතුර රුසියාවට හෝ චීනයට ඔහුගේ සංචාරයට අවසර දී ලබා නොදුන් බවත් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඔහු රුසියාවේ රැඳී සිටීමට අදහස් කළ බවටද කිසිදු සාක්ෂියක් නොමැති බවයි අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ.

රුසියාව තවත් අමෙරිකානු ජාතිකයන් සිරකර තබා තිබෙනවා.

Wall Street Journal වාර්තාකරු Evan Gershkovich 2023 මාර්තු මාසයේ සිට සිරගතව සිටින අතර හිටපු US Marine Paul Whelan හට 2020 දී වසර 16ක සිර දඬුවමක් නියම කර ඇති බව සඳහන්.

මේ දෙදෙනාම ඔවුන්ගේ නිර්දෝෂීභාවය පවත්වා ගෙන යන අතර අමෙරිකානු රජය පවසන්නේ ඔවුන්ට එරෙහි චෝදනා පදනම් විරහිත බවයි.

Share This