අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් Henry Kissinger ජීවිතක්ෂයට

අමෙරිකානු හිටපු රාජ්‍ය ලේකම් Henry Kissinger ජීවිතක්ෂයට

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් (Henry Kissinger) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

ඔහු මියයන විට 100 හැවිරිදි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඔහු නික්සන් සහ ෆෝඩ් පාලන සමයේදී අමෙරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් ලෙස සේවය කරනු ලැබුවා

ප්‍රකාශයක් නිකුත් කරමින්, ඔහු විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates කියා සිටියේ ජර්මනියේ උපත ලද හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාConnecticut හි පිහිටි ඔහුගේ නිවසේදී මිය ගිය බවයි.

Kissinger Associates විසින් නිකුත් කළ ප්‍රකාශයේ මරණයට හේතුවක් දක්වා නැති බවද සඳහන්

1923 දී ජර්මනියේ උපත ලද Kissinger, ඔහුගේ පවුල නාසි ජර්මනියෙන් පලා ගිය විට 1938 දී මුලින්ම එක්සත් ජනපදයට පැමිණ තිබෙනවා

ඔහු 1943 වසරේ දී එක්සත් ජනපද පුරවැසියෙකු වූ අතර වසර තුනක් එක්සත් ජනපද හමුදාවේ සහ පසුව ප්‍රති බුද්ධි බලකායේ සේවය කරනු ලැබුවා

උපාධිය, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ලබා ගැනීමෙන් පසු ඔහු හාවඩ් හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ඉගැන්වීම් කටයුතු කළ බවයි පැවසෙන්නේ

1969 දී එවකට ජනාධිපති රිචඩ් නික්සන් ඔහුව ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත් කළ අතර එය ඔහුට එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරනු ලැබූ බවද සඳහන් .

නික්සන් ජනපතිගේ පාලන සමයේදී රාජ්‍ය ලේකම් ලෙසත් පසුව ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් යටතේ චීනය දෙසට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන් මෙහෙයවීමත් සිදු කර තිබෙනවා

1973 දී, උතුරු වියට්නාමයේ Le Duc Tho සමග ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලැබුවත් ඔහු එය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා

මතභේදාත්මක සම්මානය නොබෙල් කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වීමටද හේතුවූ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කරනු ලැබුවේ

Share This