
අමෙරිකාව ඇතුළු විදේශ ආයෝජන ව්‍යවසායන්හි සුරක්ෂිතතාව අඛණ්ඩව තහවුරු කරන බව චීනය කියයි
අමෙරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජන ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව චීනය අවධාරණය කර තිබෙනවා.
චීන වාණිජ උප ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා සඳහා වන නියෝජ්‍ය නියෝජිත Ling Ji මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං හි පැවති රැස්වීමකදීයි මේ බව අනාවරණය කළේ.
චීන වාණිජ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා Tesla, GE HealthCare සහ Medtronic ඇතුළු 20කට වැඩි අමෙරිකානු සමාගම්වල නියෝජිතයින් එක්ව සිට ඇති බව සඳහන්.
චීනය ඇතුළු සියලු වෙළඳ හවුල්කරුවන්ට අයුතු ලෙස තීරුබදු පැනවීමට ඇමරිකාව පසුගියදා ගත් පියවරට චීන රජය දැඩි ලෙස විරුද්ධ වන බවත් ඊට එරෙහිව කඩිනම් පියවර ගෙන ඇති බවත් Ling Ji මහතා මෙහිදී අවධාරණය කර සිටියා.
එමෙන්ම ගෝලීය නිෂ්පාදන සහ සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා, අමෙරිකානු සමාගම් තාර්කික හඬක් නගා ප්‍රායෝගිකව ප්‍රතිචාර දක්වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
තවද, චීන වාණිජ අමාත්‍යංශය සැමවිටම, ඇමරිකානු ව්‍යවසායන් ඇතුළු චීනයේ විදේශ ආයෝජනයන් හි නිරත සියලු ව්‍යවසායන්හි නිත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කරන බව ද චීන වාණිජ උප අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
අතීතයේ සේම වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද චීනය අඛණ්ඩවම විදේශ ආයෝජන සඳහා පරමාදර්ශී, ආරක්ෂිත සහ ජයග්‍රාහී සාරවත් භූමියක් වන බවයි Ling Ji මහතා මෙම රැස්වීමේ දී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.