අමෙරිකාව පැන වූ තීරුබදු ගැන කතා කරන්න ඇමති විජිත ජුලි ජන්ග් හමුවෙයි

අමෙරිකාව පැන වූ තීරුබදු ගැන කතා කරන්න ඇමති විජිත ජුලි ජන්ග් හමුවෙයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ජුලි චන්ග් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පවත්වා තිබෙනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් ‍මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පවත්නා වෙළෙඳ සබඳතා සහ අමෙරිකානු නව බදු ප්‍රතිපත්ති‍ය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපෑ හැකි අන්දම දීර්ඝව අවධානයට යොමුවී තිබෙනවා.

2022 වර්ෂයේ ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය මෙන්ම දැනට ක්‍රියාවට නංවා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ගැටලුවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අමෙරිකාව පනවා ඇති තීරුබදු ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කරගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

Share This