අමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්

අමෙරිකාවේ තවත් වෙඩි තැබීමක්

අමෙරිකාවේ ටෙක්සාස් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රසංගයක් අතරතුර දී වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊට සහභාගී වූ පිරිසක් අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් අදාළ වෙඩි තැබීම සිදුව තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

Share This