
අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ මෙරටට
අත්‍යවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ ප්‍රමාණයක් අමෙරිකාවේ පරිත්‍යාගශීලීන් වෙතින් මෙරටට සපයා දීමට අමෙරිකාවේ තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය එකඟතාවය පළ කර තිබෙනවා
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකාවේ තානාපතිනිය අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීයි
එමෙන්ම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය මෙන් ම එහි අනාගත අභිවෘද්ධිය පිළිබඳව ද මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සකස් කිරීම පිළිබඳවත් එම කටයුතු දියත් කරන ආකාරය පිළිබඳවත් එමෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් එම රෝග තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී තානාපතිනිය දැනුවත් කළා
මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන් හි දී ඇතිවන ඖෂධ හිඟය මඟහැරවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව මෙහි දී පැවසූ අමාත්‍යවරයා රජයන්, රජයන් අතර සාකච්ජා කොට මෙරටට අත්‍යවශය ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බව ද කියා සිටියා
මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් සියලු දෙනාගේ ම අදහස් යෝජනා ලබා ගෙන නව මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතුවූවන් වෙනුවෙන් වරලත් මාධ්‍ය ආයතනයක් නුදුරේම ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, මේ වන විට ඊට අදාල කටයුතු සිදුවෙමින් පවතින බවත් මෙහි දී අමාත්‍යවරයා තානාපතිනිය දැනුවත් කර කළා