අයර්ලන්තය දැඩි උත්සාහයක

අයර්ලන්තය දැඩි උත්සාහයක

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීම ආරම්භ කළ අයර්ලන්ත කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 03 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අයර්ලන්ත නායක Andy Balbirnie ලකුණු 88 ක් සහ Paul Stirling ලකුණු 72ක් ලබා සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසුරිය කඩුලු 2 ක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

Share This