අයර්ලන්තයේ පුද්ගලයන් 05 දෙනෙකුට පිහි ඇනුමක් – ජනතාව ප්‍රචණ්ඩ ලෙස හැසිරෙයි

අයර්ලන්තයේ පුද්ගලයන් 05 දෙනෙකුට පිහි ඇනුමක් – ජනතාව ප්‍රචණ්ඩ ලෙස හැසිරෙයි

පුද්ගලයෙකු විසින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකුට පිහියෙන් ඇනීමෙන් පසු අයර්ලන්තයේ Dublin හි ගැටුම් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ නිසා ඊයේ(23) අයර්ලන්තයේ Dublin හි මධ්‍යම ප්‍රදේශයේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවූ බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ සිද්ධියෙන් කම්පනයට පත්වූ ජනතාව තරමක් සන්සුන් කර ගැනීමට ඔවුන් මධ්‍යම රාත්‍රියද පසුවන තෙක් උත්සහ කළ බවයි.

ඇතිවූ තත්ත්වය පිළිබඳ නිශ්චිත සිදුවීම් සහ වැඩිදුර තොරතුරු තවමත් විමර්ශනය කරන බවයි අයර්ලන්ත පොලිසිය ලෙස හඳුන්වන gardai පවසන්නේ.

සමාජ මාධ්‍යවල මේ වනවිට හුවමාරු වන වීඩියෝවල මිනිසුන් කණ්ඩායමක් Dublin හි නිලධාරීන් සමග ගැටී පොලිස් මෝටර් රථයකට ගිනි තබන ආකාරයද දැක්වෙනවා.

එමෙන්ම බරපතල තුවාල ලබා රෝහලේ හදිසි ප්‍රතිකාර ලබන 5 හැවිරිදි දැරියක් ඇතුළු 05 දෙනෙකුට පිහියෙන් ඇනීම සම්බන්ධයෙන් 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අයර්ලන්ත පොලිසිය පැවසුවේ නගරයේ “බරපතල ප්‍රහාරයක්” සඳහා ත්‍රස්තවාදය චේතනාවක් ලෙස නොසලකන බවයි.

Dublin හි මාධ්‍යවේදීන් අමතමින් gardai අධිකාරී Liam Geraghty, පිහි ඇනුම තුළ “ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකමක්” නොවන බව මහජනතාවට සහතික වී තිබෙනවා.

එමෙන්ම ප්‍රහාරකයා නැවැත්වීමට මැදිහත් වූ මහජනතාවට gardai බලධාරීන් ප්‍රශංසා කර ඇති අතර නගරයේ ආරක්ෂාව තර කරන බවයි නිවේදනය කර ඇත්තේ.

Share This