අයවැය කතාව අද

අයවැය කතාව අද

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) සවස 1.00ට රැස්වීමට නියමිත අතර ජනාධිපතිවරයා අයවැය කතාව කියවීම ආරම්භ කිරීමට නියමිතව ඇත්තේද ඉන් අනතුරුවයි.

පස්වරු 2 දක්වා ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුරුව පාර්ලිමේන්තුව හෙට (31) දින පෙරවරු 09.30 දක්වා කල් තැබෙනු ඇති.

Share This