අයහපත් කාලගුණය නිසා පුද්ගල මරණ 25 ක් – 2,12,060 දෙනෙක් පීඩාවට

අයහපත් කාලගුණය නිසා පුද්ගල මරණ 25 ක් – 2,12,060 දෙනෙක් පීඩාවට

දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ගං වතුර, නායයෑම්, අකුණු සහ සුළං හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 17 ක පවුල් 60,264 කට අයත් 2,12,060 දෙනෙක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 25 ක් වාර්තා වී ඇති අතර අවතැන් වූ පවුල් 13,671 කට අයත් 50,166 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවල සහ ඥාති නිවෙස්වල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරනවා

බදුල්ල, නුවරඑළිය, මාතලේ, ගම්පහ, මුලතිව්, කොළඹ, වව්නියාව, මන්නාරම, රත්නපුර, කළුතර, පුත්තලම, අනුරාධපුර, යාපනය, ගාල්ල, කෑගල්ල, කිලිනොච්චිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙන බවයි කොඩිප්පිලි මහතා සඳහන් කළේ

මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයට වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 38,298 කට අයත් 1,32,375 දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා

එම දිස්ත්‍රික්කවල නිවාස 23 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,229 කට අර්ධ හානි සිදුව තිබෙන බවද සඳහන්.

Share This