අයිස්ලන්තයේ ගිනි කන්දක් පිපිරීමෙන් පසු පරිසර දූෂණ අනතුරු ඇඟවීම්

අයිස්ලන්තයේ ගිනි කන්දක් පිපිරීමෙන් පසු පරිසර දූෂණ අනතුරු ඇඟවීම්

පසුගිය සඳුදා(18) අගභාගයේදී පුපුරා ගිය ගිනි කන්දක් හේතුවෙන් අයිස්ලන්තයේ අගනුවර වාතය දූෂණය විය හැකි බව එරට කාලගුණ විද්‍යා කාර්යාලය පවසනවා .

නිරිත දිග අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගිය අතර මෙම පිපිරීම සිදු වන්නේ සති කිහිපයක සිට පැවති දැඩි භූමිකම්පා සහ කම්පනවලින් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

කෙසේවෙතත් පැතිර ඇති දුම් සහිත තත්ත්වය අද (20)වන විට Reykjavik වෙත ළඟා විය හැකි බවයි පැවසෙන්නේ

ලාවා ප්‍රවාහයෙන් තර්ජනයට ලක් වූ ධීවර නගරයක් වන Grindavik වෙතින් පුද්ගලයින් 4,000 ක් පමණ මේ වනවිට ඉවත් කර තිබෙනවා

Grindavik අසල ජීවත් වන නිවැසියෙක් සඳුදා රාත්‍රියේ “පිස්සු” සහ “භයානක” දර්ශන විස්තර කළ අතර අඟහරුවාදා ගිනි කන්ද පිපිරෙන ආකාරය තමාට තවමත් පෙනෙන බව පැවසුවාය.

මෙම පිපිරීම Grindavik සිට ඊසාන දෙසින් කිලෝමීටර 42 ක් පමණ දුරින් පිහිටි Reykjavik සිට දැකිය හැකි බවද සඳහන් .

අයිස්ලන්තයේ විදේශ අමාත්‍ය, Bjarni Benediktsson පවසා ඇත්තේ අයිස්ලන්තයට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් වලට කිසිදු බාධාවක් නොමැති බවයි

කෙසේවෙතත් එම ප්‍රදේශයෙන් ඉවත්ව සිටින ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී තිබෙනවා

Share This