
අලි ඇවිත් පාසලක් වසයි
වන අලීන් දෙදෙදෙනකු කඩාවැදීම හේතුවෙන් පාසලක් තාවකාලිකව වසා දැමූ පුවතක් අපට වාර්තා වුණා.
ඒ අගුණකොළපැලැස්ස ජඳුර ප්‍රදේශයේ පිහිටා ඇති ජඳුර කනිෂ්ඨ විද්‍යාලයයි.
ඊයේ පෙරවරුවේ පාසල් භූමියට කඩා වැදුණු ඇතෙක් සහ වන අලියෙකු හේතුවෙන් තාවකාලිකව පාසල වසා දැමීමට පාසල් බළධාරීන් තීරණය කර තිබුණේ පාසල් දරුවන්ගේ ආරක්ෂාව උදෙසායි.
වන අලියා සහ ඇතා පැය දෙකක පමණ කාලයක් පාසල අවට ප්‍රදේශයේ රැඳී සිට අනතුරුව යකාගල ප්‍රදේශයට කඩාවැදුනු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ යකාගල ප්‍රදේශයේ සැරිසැරූ වන අලියා සහ ඇතා පළවා හැරීමට වනජීවී නිළධාරීන් , පොලිසිය ගම්වාසීන්ගේ ද සහය ඇතිව කටයුතු කර තිබුණා.