අලිගැට පේරවලින් ඩොලර් උපයන්න අවස්ථාවක්

අලිගැට පේරවලින් ඩොලර් උපයන්න අවස්ථාවක්

මෙරටට විදේශ විනිමය ඉපයීමේ අරමුණින් හාස් අලිගැට පේර විශේෂය වගාවක් ලෙස ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා

මේ අනුව පළමු අදියර යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අක්කර 200 ක බිම් ප්‍රමාණයක් තෝරාගෙන ඇති බව සඳහන්

මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන අතර, හාස් අලිගැට පේර පැල ඔස්ට්‍රෙලියාවේ සිට ආනයනය කර බණ්ඩාරවෙල ප්‍රදේශයේ තවාන් කර ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ

වසර තුනක් තුළ මෙම වගාවෙන් ආදායම් උපයා ගත හැකි අතර එක් ගසකින් අලිගැටපේර කිලෝග්‍රෑම් 200ක අස්වැන්නක් ලබා ගැනීමට අපේක්ෂිතයි

Share This