අලුත උපන් ළදරුවන් 07ක් ඝාතනය කළ බවට එංගලන්තයේ හෙදියකට චෝදනා

අලුත උපන් ළදරුවන් 07ක් ඝාතනය කළ බවට එංගලන්තයේ හෙදියකට චෝදනා

නව ජන්ම ඒකකයක ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හෙද නිලධාරිනියක වන 33 හැවිරිදි ලුසී ලෙට්බි වැරදිකාරිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇය වර්තමානයේ එක්සත් රාජධානියේ ළමා මරණ කිහිපයක් අඛණ්ඩව සිදු කළ ඝාතකයා බවයි එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2015 ජුනි සිට 2016 ජුනි දක්වා කාලය තුළ චෙස්ටර් හි කවුන්ටස් රෝහලේ තවත් ළදරුවන් හය දෙනෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී තිබෙනවා.

ලෙට්බි හිතාමතාම ළදරුවන්ට වාතය එන්නත් කර, බලහත්කාරයෙන් අන් අයගේ කිරි පොවා, ළදරුවන් දෙදෙනෙකුට ඉන්සියුලින් එන්නත් කර තිබෙනවා.

නවතම තීන්දු සඳහා විත්ති කූඩුවේ පෙනී සිටීමද ඇය ප්‍රතික්ෂේප කළ බවයි සඳහන් වන්නේ.

අගෝස්තු 8 වන දින ජූරියේ ප්‍රධානියා විසින් ඇයට එරෙහි පළමු තීන්දු මාලාව ලබාදී තිබෙන අතර දෙවන තීන්දු මාලාව අගෝස්තු 11 වනදා ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා හයක් සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමට ජූරි සභාවට හැකියාව ලැබී නැහැ

රෝහලේදී නොමේරූ ළදරුවන්ගේ මරණ භයානක හා පැහැදිලි කළ නොහැකි ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් Cheshire Police විසින් සිදු කළ වසර දෙකක විමර්ශනයකින් පසුවයි ඇයව වැරදිකාරිය වී තිබෙන්නේ.

2015 ජුනි මාසයට පෙර, අලුත උපන් බිළිඳු ඒකකයේ වසරකට ළදරු මරණ තුනකට වඩා අඩු බවයි වාර්තා වන්නේ.

නඩු විභාගය මාස 10 කට වැඩි කාලයක් පැවති අතර එය එක්සත් රාජධානියේ දීර්ඝතම මිනීමැරුම් නඩු විභාගය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This