අවුන්සාන් සුකීට හදිසි ප්‍රතිකාර ලබාදීමත් ප්‍රතික්ෂේප කළ බව ඇගේ පුතාගෙන් ප්‍රකාශයක්

අවුන්සාන් සුකීට හදිසි ප්‍රතිකාර ලබාදීමත් ප්‍රතික්ෂේප කළ බව ඇගේ පුතාගෙන් ප්‍රකාශයක්

මියන්මාරයේ රඳවා සිටින හිටපු නායිකා අවුන්සාන් සුකීට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වී ඇතත් බන්ධනාගාර බලධාරීන් කළ ඉල්ලීම රට පාලනය කරන හමුදා ජුන්ටාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඇගේ බාල පුත්‍රයා වන Kim Aris සඳහන් කරනවා

78 හැවිරිදි අවුන්සාන් සුකී දැඩි දත් කැක්කුමකින් පෙළෙන අතර ඇයට ආහාර ගැනීමට නොහැකි වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග බීබීසී පුවත් සේවයට සඳහන් කර තිබෙනවා

ඇයගේ දත් කැක්කුම සමනය කිරීම සඳහා මෘදු ආහාර මෙන්ම ඖෂධීය ජෙලි වර්ගයක් ද ඇයට ලබා දී ඇති බව මූලාශ්‍රය සඳහන් කළේය.

එක්සත් රාජධානියේ වෙසෙන Kim Aris පවසන්නේ ඔහුගේ මව වමනය කරමින් සිටින අතර ඇයගේ අසනීප තත්ත්වය හේතුවෙන් දැඩි කරකැවිල්ලක් ඇයට ඇති බවත් එය විඳදරාගන්නා බවත්ය

රෝගී සිරකරුවෙකුට නිර්දේශිත වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම නිර්දය සහ කුරිරුය යනුවෙන්ද ඔහු සඳහන් කරනවා

කෙසේ වෙතත්, හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් හමුදා සහ සිවිල් වෛද්‍යවරුන්ගෙන් නිරන්තර පරීක්ෂාවන්ට ලක්වන බවත්ය

ඇය බලයෙන් පහකළ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව 2021 පෙබරවාරි මාසයේ සිට අවුන්සාන් සුකී රඳවා තබා ගෙන සිටිනවා

මෙම කුමන්ත‍්‍රණය නිසා රට තුළ සිවිල් යුද්ධයක් ඇති කළ අතර දහස් ගණනකට ජීවිත පවා අහිමි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා මිට පෙර සඳහන් කළේ

ජූලි මාසයේදී ඇයව සිරගෙදර සිට බුරුමයේ අගනුවර වන Nay Pyi Taw හි නිවාස අඩස්සියට ගෙන යනු ලැබුවා

අවුන්සාන් සුකී කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස බොහෝ ලෝක නායකයින් ඉල්ලා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This