අශෝභන හැසිරීම නිසා ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකාවට දැඩි විවේචන

අශෝභන හැසිරීම නිසා ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකාවට දැඩි විවේචන

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රීත් කෞර් බංග්ලාදේශයට එරෙහි තරගයකදී කඩුල්ල කඩා විනිසුරුවන්ට ක ගැසීමෙන් පසු ඒ සිද්ධිය අශෝභන ක්‍රියාවක් බව පවසමින් ඇයට දැඩි විවේචන එල්ල වනවා.

මාධ්‍ය වාර්තා පැවසුවේ කෞර්ට ඇගේ තරඟ ගාස්තුවෙන් සියයට 75 ක දඩයක් නියම කළ හැකි අතර එක්දින ජාත්‍යන්තර තරගයෙහි හැසිරීම හේතුවෙන් ඇයට තරග දෙකක තහනමක් පැනවීමේ අවදානමක් ඇති බවයි.

කෞර් ලකුණු 14 දී දැවී ගිය අතර පසුව විනිසුරුවරයා එය ශෝකජනක බව පවසා තිබෙනවා.

ඉන්දීය පිරිමි ලෝක කුසලාන ජයග්‍රාහකයා වූ මදන් ලාල් ද කෞර්ට ගේ මෙම හැසිරීම විවේචනය කර තිබෙනවා. .

බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව හර්මන්ප්‍රීට්ගේ හැසිරීම කණගාටුදායක බව පවසමින් ලාල් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This