අසපුවක් තුළදී හිමිනමක් ඝාතනය කරයි

අසපුවක් තුළදී හිමිනමක් ඝාතනය කරයි

එප්පාවල කිරලෝගම ප්‍රදේශයේ අසපුවක් තුළදී තියුණු ආයුධයකින් පහර දී භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කර තිබෙනවා.

මෙසේ ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 69 ක් වූ හිමි නමක් බව සඳහන්.

මරණයට පත් හිමිනම බැහැදැකීමට පැමිණි පුද්ගලයෙකු හා වෙනත් විහාරස්ථානයක හිමිනමක් මෙම ඝාතනය දැක ඒ පිළිබඳ පොලිස් ස්ථානය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

අනතුරුව පොලීසිය විසින් විමර්ශන සිදුකර ඇති අතර එහිදී මියගිය හිමිනමට ත්‍රිරෝද රථයක් හා රියදුරෙකු සිට ඇති බවත්, මෙම රියදුරු දැනට අසපුව තුළ නොමැති බවට අනාවරණය වී ඇති බව සඳහන්.

අදාළ ත්‍රිරෝද රථ රියදුරු පිළිබඳ තොරතුරු මේ වනවිටත් අනාවරණය වී නොමැති බවත් මෙම ඝාතනය සිදුකළේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Share This