අසර්බයිජානය Nagorno-Karabakh ප්‍රදේශයට එරෙහිව මෙහෙයුමක් දියත් කරයි

අසර්බයිජානය Nagorno-Karabakh ප්‍රදේශයට එරෙහිව මෙහෙයුමක් දියත් කරයි

Nagorno-Karabakh ප්‍රදේශය යටත් කර ගැනීමට සිය හමුදා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් දෙවන දිනටත් අඛණ්ඩව සිදු කරන බව අසර්බයිජානය පවසනවා

Karabakh හි වාර්ගික අර්මේනියානුවන් යටත් වන තුරු එය නතර නොවන බවයි අසර්බයිජානය සඳහන් කරන්නේ

අසර්බයිජානය සහ අර්මේනියාව අවසන් වරට යුදමය තත්ත්වයකට ගියේ මීට වසර තුනකට පෙරදී බවයි සඳහන් වන්නේ

හමුදා වාහන, කාලතුවක්කු සහ ගුවන් යානා නාශක මිසයිල සවිකිරීම් ඇතුළු අර්මේනියානු සන්නද්ධ හමුදාවන්ට අයත් හමුදා උපකරණ විනාශ කර ඇති බව අසර්බයිජානයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටිනවා

Nagorno-Karabakh හි බලධාරීන් පවසන්නේ ප්‍රහාරය ආරම්භ වූ දා සිට සිවිල් වැසියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි.

අසර්බයිජානය සහ අර්මේනියාව මුලින්ම යුද ප්‍රකාශ කරනු ලැබුවේ 1990 ගණන්වල මුල් භාගයේදී සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසුවයි .

පසුව 2020 දී රුසියානු සාම සාධක භටයින් විසින් ගිවිසුමකට එළඹීමට සහ අධීක්ෂණය කිරීමට පෙර අසර්බයිජානය Nagorno-Karabakh සහ ඒ අවට ප්‍රදේශ නැවත අත්පත් කර ගනු ලැබුවා

Nagorno-Karabakh හි වාර්ගික අර්මේනියානුවන් සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කර ඇති නමුත් අසර්බයිජානයේ අරමුණ කඳුකර ප්‍රදේශය අත්පත් කර ගැනීම සම්පූර්ණ කිරීම බව ඔවුන් නිවේදනයකින් දැනුම් දී තිබෙනවා

අර්මේනියානු අගමැති Nikol Pashinyan වාර්ගික ශුද්ධ කිරීම ඉලක්ක කරගත් භූමි මෙහෙයුමක් ආරම්භ කළ බවට අසර්බයිජානයට චෝදනා කරනවා

මේ අතර රුසියානු විදේශ අමාත්‍යාංශය සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken යන දෙදෙනාම අසර්බයිජානයේ ජනාධිපති Ilham Aliyev ගෙන් ඉල්ලා සිටියේ වහාම හමුදා ක්‍රියාමාර්ග නවත්වන ලෙසයි.

ඇස්තමේන්තු කර ඇති පරිදි 120,000 පමණ වාර්ගික ආර්මේනියානුවන් කඳුකර ප්‍රදේශයේ ජීවත් වන බවයි පැවසෙන්නේ

 

Share This