අසිරිමත් නත්තල අදයි

අසිරිමත් නත්තල අදයි

ලෝකවාසී කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදට (25) යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අද වැනි දිනෙක ලෝකවාසී සියලු කිතුණු බැතිමතුන් සියල්ලටම සාමය ප්‍රාර්ථනා කරමින් තම ආගමික චාරිත්‍රවල නියැලීමට කටයුතු කරයි.

කෙසේ වෙතත් සාමයේ කුමරු ලොවට සාමය රැගෙන පැමිණි බෙත්ලෙහෙම් නගරයේ මෙවර තන්තල් සැමරීමක් සිදුනොවන බව සඳහන්.

බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා පවසන්නේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින් මෙලෙස සැමරුම් අත්හිටුවා ඇති බවයි.

නත්තල උදාවූ ඊයේ (24) මැදියම් රැයේ සිට මේ දක්වා ලොව පුරා සියලු කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු බැතිමතුන්ද කිතුණු දෙව්මැදුරුවලද දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු සිදුකර තිබෙනවා.

නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වූ බව සඳහන්.

මෙවර ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවීව විකාශය වූ විශේෂ දේව මෙහෙය බටේපොල දූනගහ කාර්මෙල් දේවමාතා දේවස්ථානයේ සිට පවත්වා තිබෙනවා.

Share This