ආණමඩුවේ එන්නත් ලබා ගැනීමට ගිය පිරිසට සිදුවූ දේ
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලයට කොරෝනා එන්නත් ලබා ගැනිමට පැමිනි 5000 කට ආසන්න පිරිසක් පාසලේ ගේට්ටු කඩාගෙන ඇතුල්විමත් සමග එකම කාල ගොට්ටියක් වූ බව සෞඛ්‍ය අංශ පවසනවා
ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ වයස අවුරුදු 60 ට වැඩි පිරිසට හා ගැබිණි මව්වරුන්ට ලබා දිමට එන්නත් දස දහසක් ලබා දි තිබු බවයි පැවසෙන්නේ
එම එන්නත් ආණමඩුව,කොට්ටුකච්චිය,තල්ගස්වැව,හා මහකුඹුක්කඩවල යන ප්‍රදේශවලට එන්නත් 2500 බැගින් ලබා දිමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා කටයුතු කර තිබෙනවා
කෙසේ නමුත් වැඩිහිටියන්ට එන්නත් ලබා දිමේන් අනතුරුව ඉතිරි සුළු එන්නත් ප්‍රමාණය අවුරුදු 30 වැඩි පිරිස් වෙත ලබා දිමට සෞඛ්‍ය අංශ කටයුතු කරද්දී ආණමඩුව කන්නන්ගර විද්‍යාලය අසල රැස්වි සිටි පිරිස අතර බහින් බස් විමක් සිදුව ඇති අතර පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත්වු බව එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරින් පවසනවා
එම පිරිස ගෙට්ටුව කඩා ගෙන පාසලට ඇතුල් විමත් සමග එම ස්ථානයේ සිටි කිප දෙනකු තෙරපි බිම ඇද වැටි ආබාධ වලට ලක්ව සිටිනු දැක ගත හැකිව තිබෙනවා
කෙසේ වෙතත් සවස පහ වන විට එන්නත් කිරීම් අවසන් කිරීමට කටයුතු කර තිබුනද මෙම තත්ත්වය මත ඊයේ 25 දින රාත්‍රි 9 ආසන්න වන තුරු ඉතිරි එන්නත් 500 කට ආසන්න ප්‍රමානය ලබා දුන් බව ආණමඩුව පොලිසිය පවසන්නේ