ආරවුලකින් සහෝදරයින් දෙදෙනෙක් මරුට

ආරවුලකින් සහෝදරයින් දෙදෙනෙක් මරුට

බද්දේගම ඇත්කඳුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ සොහොයුරන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා

පොලීසිය පැවසුවේ ඊයේ (27) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අනෙක් පාර්ශ්වය විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33 හා 36 වයස්වල පසුවන මැද්දේවිල, ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොහොයුරන්

සිද්ධියෙන් තුවලා ලැබු පුද්ගලයින් තිදෙනෙකු ගාල්ල සහ ඇල්පිටිය රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

Share This