ආසියාවේ ලොකුම මත්පැන් කර්මාන්ත ශාලාව ලංකාවට -කන්තලෙන් අක්කර විසි දහසක් ?

ආසියාවේ ලොකුම මත්පැන් කර්මාන්ත ශාලාව ලංකාවට -කන්තලෙන් අක්කර විසි දහසක් ?

කන්තලේ සීනි කර්මාන්ත ශාලාවට අයත් අක්කර විසිදහසක්  විකුණා දමා එම බිමේ ආසියාවේ විශාලතම මධ්‍යසාර කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට යන බව ජාතික සංවිධාන එකමුතුව පවසන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

මුදල් අමාත්‍යවරයා විසින් ඉකුත්දා මීට අදාල පති‍්‍රකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ කල්‍යානන්ද තීරණගම හා ඉංජිනේරු කපිල පෙරේරා මහතා අද (15 දා) මේ පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කිරීමට නියමිතව තිබෙන බවද එම පුවත්පතේ සඳහන් කර තිබෙනවා.

Share This