ඇතෙකුට බිලිවූ සිම්බාබ්වේහි මවක් සහ බිළිඳෙක්
සිම්බාබ්වේ ගිනිකොණ දිග ප්‍රදේශයේදී මවක් සහ ඇගේ මාස ගණනක් වයසැති බිළිඳා ඇතෙක් විසින් පාගා මරා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චිපින්ග් දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක සිටින තම ඥාතීන් බැලීමට ගිය මෙම කාන්තාව නැවත නිවසට පැමිණ සිටියදී ඇතා ඔවුන්ට පහර දී තිබෙන බවයි පැවසෙන්නේ.
සිම්බාබ්වේ උද්‍යාන අධිකාරියේ ප්‍රකාශක ටිනාෂේ ෆරාවෝ පවසා තිබෙන්නේ ඇතා පහරදීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේදීම මිය ගිය බවයි.
සිම්බාබ්වේ හි සමහර ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් සහ වනජීවීන් අතර ගැටුම් බහුලව දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.