ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අමුතුම වාර්තාවක්

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අමුතුම වාර්තාවක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර මේවන විට පැවැත්වෙන 38 වැනි තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් අමුතුම ආකාරයට දැවී යාමක් සිදු වුණා.

සදීර සමරවික්‍රම දැවී යාමෙන් අනතුරුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලට පැමිණීමට ප්‍රමාද වූ බව (timed out) පවසමිනුයි අදාළ දැවී යාමේ තීරණය ලබා දී ඇත්තේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කාලය ඉක්මවා දැවී යාමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වනවා

Share This