
ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රඹුක්වැල්ල පවුල බන්ධනාගාරයට
රජයේ මුදල් අවභාවිතා කළැයි කියන චෝදනාවට අධිකරණයෙන් ඇප නියම වූ කෙහෙළි රඹුක්වැල්ල, බිරිය සහ දියණියට ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේ, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප නවයක් මතයි.
එම ඇපය සපුරා ගැනීමට නොහැකි වීම මත සැකකරුවන් තිදෙනා බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියම කළේ.
හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වී හේන මහත්මිය සහ දියණියක වන චන්දුලා රමලි රඹුක්වැල්ල යන අය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (18) උදෑසන අත්අඩංගුවට ගත්තා.