ඇමති දෙදෙනෙක් ගැන කියමින් ‘ජීවිතාරක්ෂාව සඳහා ඉවත් වන’ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියා

ඇමති දෙදෙනෙක් ගැන කියමින් ‘ජීවිතාරක්ෂාව සඳහා ඉවත් වන’ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියා

සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුළු විවිධ අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමඟ කලබල වී ඇති ඇමතිවරුන් දෙදෙනා තමා එම තනතුරෙන් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසන බව දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අවධානය යොමු වුණා.

එසේම තමාගේ ජීවිතයට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමෙන් පවතින හෙයින් සිදුවූදේ ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ජීවිතාරක්ෂාව සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ ධුරයෙන් අද දිනයේ ඉවත්වන බව හෙතෙම සඳහන් කර තිබුණා .

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සැමරීම සඳහා යැයි කියමින් පසුගිය මාර්තු මාසයේදී රුපියල් ලක්ෂ හතරක මුදලක් ඉල්ලා සිටින විට දේශපාලන වැඩවලට යොදා නොගෙන එම මුදල් පාරිභෝගිකයාට සෙතක් වන ආකාරයට යොදවන ලෙස තමා දැනුම් දුන් බවත් ඇමතිවරුන් දෙදෙනා තමා සමග අමනාප වූයේ එම සිද්ධියෙන් පසුව බවත් විධායක අධ්‍යක්ෂක වරයා සඳහන් කරනවා.

සුදුළූණු වංචාවට එරෙහිව අදාළ අංශවලට පැමිණිලි කරමින් තමා දිගටම කටයුතු කළ බවත් එම සිද්ධිය ද මේ රටේ සිදු වූ ලොකු ගේම් එකක් බවත් හෙතෙම කියා සිටිනවා.

පාන් පිටි, කිරි පිටි හා සිමෙන්ති මිල වැඩි කිරීමට අදාළව සමාගම් සමඟ අත්සන් කිරීමට ගිය ගිවිසුම රටට අහිතකර ලෙස බලපාන නිසා තමන් අත්සන් නොකල බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

Share This