ඇමති ශෙහාන් ජෝර්ජියාවේදී ඵලදායි ද්වීපාර්ශ්වික සාකච්ඡාවක

ඇමති ශෙහාන් ජෝර්ජියාවේදී ඵලදායි ද්වීපාර්ශ්වික සාකච්ඡාවක

ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ දිනවල සහභාගී වී සිටිනවා.

එම සමුළුව අතරතුර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් මහතා සමඟ ඵලදායී ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වාගෙන යාමට කටයුතු කර තිබෙන බවයි අමාත්‍යවරයා X පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ.

මෙහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අත්කරගත් ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

රොබට් කප්‍රෝත් මහතා නැවත වරක් ශ්‍රී ලංකාවට අමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහයෝගය සහතික කර තිබෙන අතර ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට සහ අනාගත අර්බුදය වළක්වා ගැනීමට හැකි වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යාමේ වැදගත්කමද මෙහිදී පෙන්වාදී තිබෙනවා.

Share This