ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේනයට අමතර පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධති ලබා දිය හැකි බව පවසා ඇතැයි වාර්තා වනවා.

ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුක්රේන වාර්තාකරුවෙකු ට්‍රම්ප්ගෙන් එසේ කිරීමට සලකා බලන්නේ දැයි විමසීමේ දී පවසා ඇත්තේ “සමහර විට” යනුවෙනුයි.

සතියේ මුලදී නෙදර්ලන්තයේ පැවති නේටෝ සමුළුවට සමගාමීව යුක්රේන වාර්තාකරුවෙකු සමඟ කතා කරමින් සිටියදී ඔහු ඒ හැකියාව පිළිබඳව ඉඟි කර තිබූ බව මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තාකරු විමසා ඇත්තේ එක්සත් ජනපදය, යුක්රේනයට පේට්‍රියට් මිසයිල විකිණීමට සූදානම්ද යනු වෙනුයි.

ට්‍රම්ප් අනුකම්පා සහගත ලෙස ඇය කොහෙන්ද සහ ඇගේ සැමියා සොල්දාදුවෙක් දැයි විමසා තිබෙනවා.

පසුව ඇයගේ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන්, ට්‍රම්ප් පවසා ඇත්තේ, “අපි ඒවායින් සමහරක් ලබා දිය හැකිදැයි බලමු” යනුවෙනුයි.

 

Share This