ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි විනාඩි 45කට ලංකාවට

ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි විනාඩි 45කට ලංකාවට

සුපිරි ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ( George Clooney ) මහතා ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින අතරතුර , කටුනායක ගුවන් තොටුපළ වෙත පසුගිය  19 දා විනාඩි 45 ක කාලයක් සදහා පැමිණ තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඔහු සිය පෞද්ගලික ගුවන් යානය වන බොම්බැඩියර් එක්ස්ප්‍රස් ග්ලෝබල් (Bombardier Express Global ) වර්ගයේ ගුවන් යානයෙන් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේ , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන සහ එහි කාර්යය මණ්ඩලය මාරු කර ගැනීමට බවයි සඳහන් වන්නේ.

මෙම ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ අවශ්‍ය සේවා සහ යටිතල පහසුකම් සැපයීම කෙයා ඒවියේෂන් පෞද්ගලික සමාගම ( Care Aviation Private Limited ) විසින් සිදු කර තිබෙනවා.

මෙම ගුවන් යානයට ඉන්ධන ලීටර් 7,000 ක් පමණ ලබා දීමෙන් අනතුරුව ගුවන් යානා නව කාර්යය මණ්ඩලය සමග එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙන බව සඳහන්

Share This