ඇමෙරිකාවේ වාර්තාගත පොලී අනුපාත වැඩිවීමක්

ඇමෙරිකාවේ වාර්තාගත පොලී අනුපාත වැඩිවීමක්

1994 වසරෙන් පසු පොලී අනුපාතිකය වැඩිම අගයකින් ඉහළ නැංවීමට ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්ධනය වෙමින් තිබෙන අධික උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මෙලෙස පොලී අනුපාත ඉහළ නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

ජීවන වියදම ඉහළ යාම නිසා ඇමෙරිකා එක්සත් ජනපදයේ අඩු ආදායම්ලාභී පවුල් විශාල සංඛ්‍යාවක් දැඩි පීඩාවකට පත්ව ඇති බවද සඳහන්.

ඉදිරි දෙවසර තුළදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය තවත් පසුබෑමට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

 

 

Share This