ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද

ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (14) සිදු කෙරෙනවා.

අද දිනයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා ලබන 18 වනදා ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප තැන්පත් තිබුණද ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබුණා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Share This