
ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 10.00 සිට ස්වර්ණවාහිනියෙන්
ශාසනික වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුනු පොහෝ දිනය අදයි.
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද ”පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි පොහෝ දින ආරම්භ වී සත් මසකින් නිම කරන ලද බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.
ධර්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ආනන්ද හිමියන් රහත් වීම සිදු වී ඇත්තේ ද අද වැනි නිකිණි පොහෝ දිනකයි.
මේ අතර දෙස් විදෙස් සුපතළ හෙලයේ මහා සංස්කෘතික මංගල්‍ය ලෙසින් අභිසෙස් ලැබූ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කරන අතර හෙට ගැටඹේ දී සිදු කරන දියකැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දහවල් පෙරහර ගෙවදීමේ චාරිත්‍ර වලින් දළදා පෙරහර නිමාවට පත්වනු ඇති.
අභිමානවත් කන්ද උඩරට දළදා පෙරහර සිරිතට පුද දෙන බැතිබර රූපමය පූජාවක් ලෙසින් මෙවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහරේ අසිරිය අද රාත්‍රී රාත්‍රී 10 සිට ස්වර්ණවාහිනිය ඔස්සේ ප්‍රේක්ෂක ඔබ වෙත ගෙන එන්නට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.