ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා

ඒ අනුව බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක‍්‍රමණය,රාහුල කුමරුගේ උපත සිදුවීම ඇසළ පුර පසළොස්වක පෝය දිනක සිදුව ඇති බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ

එමෙන්ම බුද්ධත්වයෙන් අනතුරුව ඉසිපතන මිගදායේදි ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්මචක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම මෙන්ම බුදුරජාණන් වහන්සේ පළමු වරට යමහාමහ පෙලහරපෑම ද ඇසළ පොහෝ දිනයක් සිදුව තිබෙනවා

මීට අමතරව වෙහෙර විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේ වස්විසීම ආරම්භ කරනු ලබන්නේ ද ඇසළ පුරපසළොස්වක පොහොය දිනයේ දියි

මේ අතර ඇසළ පුන් පොහෝ දා ස්වර්ණවාහිනී අමාදහර පෝ දා වැඩසටහන් මාලාව ඓතිහාසික ඔලබොඩුව රාජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා

Share This