
ඇෆ්ගන් – ශ්‍රී ලංකා අවසන් එක්දින තරගය අද
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 03 වන අවසන් එක්දින තරගය අද(14) පැවැත්වෙනවා.
ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ වන විටත් තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන අවසන්.
ඒ අනුව අද තරගයද ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවයි.
