
ඇෆ්ගන් – ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ කාසියේ වාසිය සිංහයන්ට
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුව රැකීමටයි.
තරගය අද(02) කොළඹ S S C ක්‍රීඩාංගණයේදී පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.
ධනංජය සිල්වාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු ටෙස්ට් තරගය මෙයයි.
ඒ අනුව ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්ථානයත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලෙසින් මෙම තරගය ඉතිහාසයට එක්වනවා.
