ඇෆ්ගනිස්ථානයේ අලුත උපන් බිළිඳුන් 13,000 ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ අලුත උපන් බිළිඳුන් 13,000 ක් ජීවිතක්ෂයට

ජනවාරි මාසය ආරම්භයේ සිට මේ දක්වා වන මාස තුනකට ආසන්න කාලය තුළ ඇෆ්ගනිස්ථානයේ අලුත උපන් බිලිදුන් 13,000 ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වනවා.

හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ නිවේදනයකට අනුව මෙම තත්වයට මූලික හේතුව වී ඇත්තේ මන්දපෝෂණය ඇතුළු ආහාර හිගය නිසා හටගත් රෝගී තත්ත්වයන් .

ඇෆ්ගනිස්ථානය තුළ දිනකට දල වශයෙන් අලුත උපන් බිලිදුන් 170 කට වැඩි පිරිසක් මියයන බවත් මෙම තත්වය වෙනස් කිරීම සදහා ආධාර පමණක් ප්‍රමාණවත් නොවන බවත් එම සංවිධානයේ නියෝජිතයන් පවසනවා.

පවතින තත්වය වෙනස් කිරීම සදහා ආර්ථික ක්‍රමය නිසි ලෙස පවත්වාගෙන යා යුතු බවත් ඊට ශක්තිමත් මධ්‍යම බැංකුවක් සහ විධිමත් බැංකු පද්ධතියක් අවශ්‍ය බවත් එම සංවිධානයේ අදහසයි.

මේ අතර පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළේ, ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් සියයට අනූ පහක්ම ප්‍රමාණවත් ලෙස ආහාර ලබා නොගන්නා බවයි

Share This