
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 382ක ඉලක්කයක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 381ක් ලබා ගත්තා.
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 382ක්
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 139කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 8ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 210ක්
එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 88ක් ලබා ගත්තා
