
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 309 ක ඉලක්කයක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තා
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා හිමිවන ඉලක්කය ලකුණු 309ක්
එහිදී චරිත් අසලංක පන්දු 74කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 97ක් රැස්කරගත්තා.
එමෙන්ම කුසල් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 06 ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 61ක්.
