
ඇෆ්ගනිස්ථාන – ශ්රී ලංකා පළමු එක්දින තරගය අද
ඇෆ්ගනිස්ථානය සහ ශ්රී ලංකාව අතර එක්දින තරගාවලිය මහනුවර – පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී අද (09) ආරම්භ වනවා.
මෙම තරගාවලිය තරග තුනකින් සමන්විතයි.
ටෙස්ට් තරගය ජයගත් අයුරින් එක්දින තරගාවලියද ජයග්රහණය කිරීම කණ්ඩායමේ අරමුණ බවයි ශ්රී ලංකා එක්දින ක්රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසන්නේ.
දෙරට අතර එක්දින තරග 11ක් පවත්වා ඇති අතර, ඉන් 07ක් ජයගත්තේ ශ්රී ලංකාවයි.
දිවා – රාත්රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිත බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරන්නේ.
