ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක් – දිල්ලිය සහ උතුරු ඉන්දියාවටද කම්පන තත්ත්වයන්

ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක් – දිල්ලිය සහ උතුරු ඉන්දියාවටද කම්පන තත්ත්වයන්

ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම භූමිකම්පාවත් සමග දිල්ලිය සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද සුළු කම්පන තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එම කම්පනය පාකිස්ථානයට පවා දැනුණු බවයි පැවසෙන්නේ

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කාබුල් නගරයට කිලෝමීටර් 241ක් ඊසාන දෙසින් වූ බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා

කිසිදු හානියක් හෝ විනාශයක් පිළිබඳ මේ වනතෙක් වාර්තා වී නැහැ

Share This